රටේ සිදුවන විපත් වළක්වල දෙන්න කියල පහුගියදා මහා සංඝරත්නයෙ ප්‍රධානත්වයෙන් කොළඹදී ලොකු පිරිත් පින්කමක් සිද්ධ කළා... ඒ පින්කම ත්‍රෛයිනිකායික නායක හාමුදුරුවන්ගෙ ප්රධානත්වයෙන්ලු තිබ්බෙ. පිරිතට සහභාගී වූ නායක හිමිවරුන්ට පිරිකර පිරිනැමීමෙදි ලොකු ගැටලුවක් වුණා කියල තතු දත් අය කියනවා.
නායක හාමුදුරුන්ට දෙන පිරිකර ඇතුළත් මංජුසාවෙ රාජපක්ෂ ආණ්ඩුව මේ රටට හා බුද්ධ ශාසනයට කරපු වැඩකටයුතු ගැන තොරතුරු ඇතුළත් පොතක් තිබීමලු අවුලට හේතුව. මේ පොත පිරිකර අතරට ඇතුල් කරල තිබුණෙත් මේ රටේ ප්‍රකට හිමිනමක්ලු.
අන්තිමේදි ගිය ආණ්ඩුවෙ වැඩපොත පිරිකර අතරින් ඉවත් කරන්න කියල නියෝගයක් ලැබිල... ඒකට පොත ඇතුළත් කරපු හිමිනම විරුද්ධ වුණාලු. ඒත් වැඩේ භාරව හිටපු නිලමේ කිව්වලු මේ පොත පිරිකරක් එක්ක තිබුණොත් මගේ බෙල්ල යන්න පුළුවනි. පරණ ආණ්ඩුවෙ වැඩපොත වහාම අයින් කරන්න කියල. ඒ අනුව පරණ වැඩපොත නැතුව පිරිකර පූජාව සිද්ධ වුණාලු.