ආණ්ඩුවෙ ඉහළම කන්තෝරුවකින් පොහොට්ටු කස්ටිය අතරේ ඉන්න බලවත් 4 දෙනකුට ආරාධනාවක් ලැබුණ... එතැන ඉන්න ඉහළම කෙනෙක් මුණගැහෙන්න කියල රජරට, උඩරට, බස්නාහිර පළාත් නියෝජනය කරන දැනට තනතුරු නොදරන කළින් තනතුරු දැරූ නමුත් දැන් තනතුරු නැති නිසා කළකිරිල ඉන්න 4 දෙනෙක් තමයි මෙහෙම ඇරයුම් ලැබුවෙ...
මේ හැමදෙනාම තම තමන්ගෙ දිස්ත්රික්කවල යමක් කරන්න පුළුවන් බලවත් අයලු... ඉතින් එදා... මෙයාලට එන්න කියල තිබුණෙ අලුත් දේශපාලන කොන්ත්රාත්තුවක් භාර දෙන්නලු...
ඉදිරි මහ පුටු සටනට ඉදිරිපත් වන රටේ ලොකු මහත්තයකුගෙ ඡන්ද සටනට උදව් කරන්න කියන එකයි කොන්ත්රාත්තුව එහෙම කළොත් ඊළඟට එන ආණ්ඩුවෙදි මුන්නැහේලට සලකන බවටත් කතා කළ අය පොරොන්දු වුණාලු... ඉතින් මේ අය වෙන වෙනම හමුවුණත් 4 දෙනාම සමාන උත්තරයක් දුන්නය කියල කනින් කොනින් අහන්න ලැබෙනව...
''තමුන්නාන්සෙලගෙ අපේක්ෂකය එක්ක ඉස්සරවෙලා කතා කරල අපිට කතා කරන්න... එහෙම නැතුව තනි තනිව අපි වැඩ කරන්නෙ නැහැ. පක්ෂය තීන්දු කළොත් අපි කාට වුණත් බොක්කෙන්ම වැඩ කරනව.'' කියල එයාල 4 දෙනාම උත්තර දුන්නලු...
මේ බව හෙළිවුණේ උඩරට සීතල පළාතකින් එන කටකාර මහත්තයෙක්ගෙන්ලු...