2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

අළු යට ගිනි

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 629

දුරකථන පාටියට අලුත් ජනරාල් කෙනෙක් සෙට් වෙලා. එයා ඇවිත් තියෙන්නෙ ඈත පළාතකින් ඡන්දයත් ඉල්ලන්න බලාගෙනලු. කොහොම වුණත් මෙයා ආපු නිවුස් එක දැක්ක ගමන් දුරකථන පාටියේ ඉන්න එයාට වඩා ලොකු තනතුරක් දරන සීනියර් කෙනෙක් පක්ෂයේ ලොකු තැනට කතා කරලා දෝස්මුරයක් දැම්මලු.

එයාව හිරේ දාන්න වැඩ කරපු කෙනා ගන්න ලැජ්ජ නැද්ද ඇහුවලු. එයා ගන්නවා නම් ජනාධිපතිකම අත ඇරලා ගිය කෙනාවත් ගමු කිව්වලු එයත් රණවිරුවෙක් නිසා. ඒ හින්ද තමන් එයා එක්ක වැඩ කරන්න ලෑස්ති නෑ කිව්වලු. කොහොම වුණත් ගින්න ලොකුවට ඇවිලීගෙන යනවා. කොයි වෙලේ හරි මේක පුපුරලා එළියට පනී කියලා හැමෝම බලාගෙන ඉන්නේ.

වැඩේ පස්සේ ආරංචි වුණේ.. මේ ආරක්ෂක ලොක්කගේ වැඩ පහුගිය කාලේ පක්ෂයේ ලොකු තැනට අල්ලා නෑ. මේ නිසා එයාගේ බැටරි බස්සන්න තමයිලු අනිත් ආරක්ෂක ලොක්කව ගෙනල්ල දාලා තියෙන්නෙ.

කොහොම වුණත් මේ වෙන දේවල් බලාගෙන ඉන්න බැරි නිසා අලුතෙන් ගත්ත එක්කෙනා ගියාලු රටේ ලොකු තැන වෙන්න දඟලන කෙනෙක්ව හමුවෙන්න. මාධ්‍ය ලොක්කෙක් වෙන එයාව හම්බවෙලා එයාගේ දෑත ශක්තිමත් කරන්න ප්ලෑන් කළා කියලයි ආරංචිය. 

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00