මේ දවස්වල දේශපාලනය ගැන අන්තෙටම කලකිරිලා එපා වෙලා ඉන්න කෙනෙක් ඉන්නවලු. එයා කොච්චර කලකිරිලද කියනවා නම් ලංකාවෙන් ඈත්වෙලා ඉන්න තැනටම එයාගේ හිත බිඳිලලු. කාලයක් කතා පිට කතා මවපු මෙයාට එකපාර තාත්තා වගේ හිටිය මනුස්සයා පා පහරක් එල්ල කරපු නිසා එදා ඉඳලා කඩා වැටිලලු ඉන්නෙ.
ඊටපස්සෙ ගොඩක් අය එයාව එකතු කරගන්න කතා කළාට එයා ඒ හැමදේම ප්‍රතික්ෂේප කළාලු. ඒකට හේතුව එයාගේ වෙලාව ටිකක් නරක නිසා. මේ හින්ද එයා වෙලාව ටිකක් හරියන කල් දැන් වැඩිපුර ඉන්නේ රටින් බැහැර වෙලාලු. කෝල් එකක් ගත්තොත් එයා විදේශයක ඉන්නේ කියලා වදිනවලු. නිතර නිතර එයා රට යන්න එන්න පටන් අරන් නිසා දේශපාලනයට ආයුබෝවන් කියයිද කියලත් සැකයක් තියෙනවලු. මේ වෙන කවුරැත් නෙවේ අත පාටියේ හිටපු ලියන මහත්තයලු...