පසුගිය කාලෙ රටේ ඉහළම පට්ටමක් දරන කෙනෙක් ඇමෙරිකාවෙ පැත්තෙ නිල ගමනක් ගියා. ඒ යනකොට ආණ්ඩුවෙ වගේම විපක්ෂයේ ඉන්න මන්තිරි සැට් එකකුත් එක්ක ගියා.
විපක්ෂයෙන් මේ ගමන නොගියේ එකම එක්කෙනයි. උන්නැහේ ටැලිපෝන් පක්ෂයේ මොණරාගල පැත්තේ ධර්මයට බර කෙනෙක්.
කොහොම හරි ආණ්ඩුවට සහාය දෙන පොහොට්ටුවෙන් මේ ගමනට එක්වුණු කොළඹට ආසන්න දිස්ත්‍රික්කයක නායක මට්ටමේ ඉන්න උස මහත කටකාර මහත්තයකුට මේ ගමනෙන් පස්සේ ලොකු බිස්නස් වාසනාවක් පෑදිලා කියලා ආරංචියි.
ඒක බොහොම වටිනා කියන ලෝහ වර්ගයක් පිරිපහදු කරන ව්‍යාපාරයක්ලු.
මේකට අවශ්‍ය බලපත්‍ර එහෙමත් එයාට ලැබිලා දැන් අද හෙටම එයා ඒ ව්‍යාපාරය පටන් ගන්නලු යන්නෙ.
ඒ සමඟ උන්නැහේත් තමන්ගේ පක්ෂයේ කටයුතුවලට සහභාගිවීමත් අඩු කරලා කියලා ආරංචියි.