2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

තටු කැපිල්ලක්

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 569

පොහොට්ටු කස්ටිය තමන්ගෙ බහට අවනත නොවන කස්ටියගෙ තටු කපන්න සූදානම් වෙන බව ආරංචියි...

ඒ අනුව දැන් දිස්තිරික්ක තුනකට විතර අලුත් ප්‍රබල සංවිධායක කස්ටියක් තෝරාගෙනය කියල නෙලුම් මාවත පැත්තෙන් දැනගන්න තියෙනව. මා-ත-ර ගම්-පහ මා-තලේ වගේ පළාත්වලටලු මේ අලුත් සංවිධායක කස්ටිය දාන්න යන්නෙ... මේක දැනගත්ත ඒ දිස්තිරික්කවල දැන් ඉන්න ප්‍රබලයො කලබල වෙලා අලුතෙන් එන අය ගැන ඔත්තු බලන්නත් කස්ටිය දාලලු.

පොහොට්ටුවෙ ප්‍රතිපත්තිවලට විරුද්ධව යන උදවියට ඔය වගේ සලකමු කියන යෝජනාව ගෙනල්ල තියෙන්නෙ පක්ෂයේ ඉහළම නායකයෙක්ලු.