කොළඹ පිහිටි එක්තරා පන්සලක ස්වාමින් වහන්සේලා පිරිසක් අලුත් ජනතා ව්‍යාපාරයකට සුදානම් වෙනවලු. ඒ වෙනුවෙන් පුළුල් බෞද්ධ බලවේගයක් හදන්න රටවල් කිහිපයකින් ලොකු ආධාර වගයකුත් දීලලු. මේ හාමුදුරුවරු ටික මෙහෙම ලෑස්ති වෙන්නේ ඉදිරියේ නායකයෙක් ජනාධිපතිවරණ තරග බිමට දාන්නලු.
කොහොම වුණත් මේ ස්වාමින් වහන්සේලාගේ පිටිපස්සේ කවුද ඉන්නේ කියලා පැහැදිලි නෑලු. ඒත් කෙනෙක් ඉන්නවලු. ඒ කෙනා කවුද කියලා තවම කරළියට ඇවිල්ල නෑ. එයා තමයිලු මේ වැඩේ ප්ලෑන් කරන්නේ කියලයි ආරංචිය. කොහොම වුණත් මේ කණ්ඩායම පවතින ආණ්ඩුවට එරෙහිවයි එන්නේ. දේශපාලන සටන් බිමේ ඉන්න ආන්දෝලනාත්මක චරිත ගණනාවකුත් මේ සටනෙ ඉන්න බව ආරංචියි.