2024 මැයි 18 වන සෙනසුරාදා

මග ඇරිල්ල

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 588

රටේ ලොකු තැනත් එක්ක දේශපාලන ගමනක් යන්න ප්ලෑන් ගහපු පොහොට්ටුවේ කිහිප දෙනෙක්ම වැඩේ ටික ටික අත් අරින්නලු යන්නේ. ඒකට හේතුව පොහොට්ටුව වැඩේ මග අරින නිසාලු. මේ නිසා සමහර අය මේ මැතිවරණයෙන් පස්සේ පිටරට පදිංචියට යන්නත් ලෑස්ති වෙලාලු ඉන්නේ. සමහර අය ඡන්ද කරන්නෙම නෑලු.

මේකට හේතුව මේ අයට නැවත පොහොට්ටුවට යන්න බැරි නිසාලු. පොහොට්ටුවේ ඇතුළේ සමහරු ලෙඩේ දාලලු තියෙන්නෙ ආයේ ගන්න එපා කියලා. ඉතින් ඒ අය දැන් දැන් පොහොට්ටුවේ ජාතික සංවිධායකතුමා එක්ක ගනුදෙනු කරන්න පටන් අරන්ලු. ඒත් ඒ කොහොම දැම්මත් හිටපු ජාතික සංවිධායකතුමා එහෙම ගිය අයගේ නම් ලැයිස්තුවක් තියන්ලු ඉන්නේ ආයෙම එයාල වැද්ද නොගන්න. කොහොම වුණත් මේ අය දැන් අත පාටිය පැත්තේ කැරකෙනවා කියලයි ආරංචිය.