2024 ජුනි 08 වන සෙනසුරාදා

දුරකතන හුටපටයක්

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 895

දුරකථන පාටිය තමයි දැන් තියෙන දුරකථන රූපය තියෙන එකම පක්ෂය. හැබැයි ඒ දුරකථනය ඉස්සර කාලේ අංක කරකවලා ඇමතුම් ගන්න ජාතියෙ එකක්. ඒත් තව දුරකථනයක් තියෙනවලු පක්ෂයකට. ඒ තමයි ජංගම දුරකථනය. මේක ආණ්ඩුවේ ඇමැති කෙනෙක්ට අයිති පක්ෂයක්.

කොහොම වුණත් රටේ බලයේ ඉන්න ලොකුම කෙනෙක් මේ අලුත් ජංගම දුරකථනයෙන් තරගයට එන්නලු හදන්නේ පොදු අපේක්ෂකයා හැටියට. දැන් වැඩේ කතා කරලත් ඉවරලු. මේ ලාංඡනයෙන් ඉල්ලන්නේ අර දුරකථන පක්ෂයට වැඩේ දෙන්නලු. දුරකථන දෙක මාරුවෙලා වැඩියෙන් ඡන්ද ගන්නලු මේ වැඩේ කරන්නෙ.