2024 ජුනි 22 වන සෙනසුරාදා

පට්ටම් පූජාවක්

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 865

වැදි පත්තුවට කිට්ටුව තියෙන ආසනයක් නියෝජනේ කරන රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව.
උන්නැහේ හැමදාමත් හිටියෙත් ඉන්නෙත් පොහොට්ටුවෙ මහ ලොක්කගෙ පැත්තෙලු.

ආණ්ඩුවෙ සමහර රාජ්‍ය මට්ටමේ ඇමැතිල දැන් ආණ්ඩුවෙ අලි පාටියට ආවඩන නමුත් මෙයා වගේ හත්අට දෙනෙක් තවම ඉන්නෙ මහ ගෙදර. ඒක නිසා එයාලත් අනික් පැත්තට බාගන්න සැලසුමක් දියත් කරලලු. ඒක පටන් ගන්න යන්නෙ මේ ඌවෙ රාජ්‍ය ඇමැති තැනගෙන් කියලයි ආරංචි.

ඒ සඳහා උන්නැහේට පට්ටම් පූජාවක් කරන්නලු යන්නෙ. මේ පූජාව කරන්න යන්නෙ මේ රාජ්‍ය ඇමැති තැනගෙ අයියා කෙනකුට බව තතු දත් අය කියනව. දෙන්න යෝජනා කරල තියෙන්නෙ පළාතෙ ලොකුම තනතුරක් බවත් ආරංචියි. 
ඒ මොනව කළත් රාජ්‍ය ඇමැති තැන තමන් හිටපු තැනම ඉන්න තීන්දු කරලලු.

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00