2017 ජුනි 24 වන සෙනසුරාදා

අමාරු ප්‍රශ්නයක්

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 329

දියවන්නා කවුන්සිලේ කතාවට නායකකම් කරන මහත්තයයි ඒකාබද්දෙ ලොකු පුටුවෙ ඉන්න දිනේෂ් තුමයි තවත් ලොකු ලොක්කො ගණනාවකුයි මේ රටේ හිටපු ගරුකටයුතු නායකයෙක් වුණ ඩඩ්ලි තුමාගෙ ගුණ සමරුවට සහභාගි වුණා...

එතන මුල් කතාව කරපු කතාවට නායක තුමා තමන්ගෙ කතාවෙදි දිනේෂ් උන්නැහේ ඇමතුවෙ ඒකාබද්ධ විපක්ෂයේ නායක කියලයි ඉතින් ඕක අහගෙන හිටපු මේ උත්සවේ සංවිධානය කළ රුක්මන් තුමා උත්සවේ හමාරවෙලා තේ පානය කරන කොට කතාවට නායක තුමාගෙන් අපූරු ප්‍රශ්නයක් ඇහුවලු...

ඔබතුමා කවුන්සිලේදි කිසිම වෙලාවක දිනේෂ් තුමා ඒකාබද්දෙ නායක හැටියට පිළිගන්නෙ නැහැ... ඒත් මෙතනදි නම් උන්නැහේ ඇමතුවෙ ඒකාබද්ධ විපක්ෂයෙ නායක කියලයි... මොකද්ද අප්පේ එතනයි... මෙතනයි තියන වෙනස... රුක්මන් උන්නැහේගෙ අමාරැ ප්‍රශ්නෙට හිනාවෙලා උත්තර දුන්න කතාවට නායක තුමා කිව්වෙ මෙහෙමලු...

එතන ඉතින් පක්ෂ නායකයො ගොඩක් ඉන්නවනේ... එතකොට මට ඒ කාටත් සවන් දෙන්න වෙනවා. මෙතන එහෙම තත්ත්වයක් නැහැනේ ඒකයි එහෙම කිව්වෙ... ඔන්න ඔහොමයි ඒ කතාව හමාර වුණේ ඒක අහන් හිටපු විපක්ෂ මන්තිරිතුමෙක් ඒකත් එහෙනම් එහෙමයි කියලා යන්න ගියාලු.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00