2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

පලා බෙදිල්ලක්

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 591

අලි පාටියේ ලියන මහත්තයගේ කේස් එක ලොකුවට ගිහින්ලු. එක එක අය එක එක හේතු කිව්වට ඇත්තටම වෙලා තියෙන්නේ කැම්පේන් ප්‍රශ්නයක්ලු. සමහර කැම්පේන්වලට අදාළව සහය දක්වන අයට නිසි ලෙස මුදල් බෙදිලා ගිහින් නෑලු. සමහර අය සල්ලි ඉල්ලන්න ගියාම මෙයා ගණන් අරගෙනත් නෑලු. කොහොම හරි වටේ ඉන්න අය මේක එහෙන් මෙහෙන් ලොක්කගේ කනට යැව්වලු. ලොක්කට යකා නැග්ගලු. මේ නිසා කැම්පේන් වැඩවලින් ලියන මහත්තයට පලා නොකියා පලා බෙදුවලු.

කොහොම හරි ඒ එක්කම මේ ලියන මහත්තයාගෙ තනතුරටත් කට්ටිය ඇනේ ගහන්න ප්ලෑන් කරලලු. ඒ තමයි එයාව හම්බවෙන්න බෑ කියලා හැමවෙලේම. ඔන්න ඒකත් වැට උඩට ආවලු. දැන් කොයි වෙලේ හරි උන්නැහේගෙ පට්ටම ගහලා යයි කියලයි ආරංචිය.

 

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00