2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

පස්සෙ කියන්නම්

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 880

අලි පාටියේ ලේකම් තැනගේ හදිසි කැපිල්ල ගැන හැමෝම කතා වෙනවලු. එයාගෙනුත් ඒක හැමෝම අහනවලු. මේක දැන් එයාටත් වදයක් වෙලාලු තියෙන්නේ. මේ නිසාම පහුගිය දවසක මෙයා තීරණය කළාලු එයාට වෙච්ච අසාධාරණය මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියන්න. එයාව කැපුවේ කවුද? එළවන්න හදන්නේ කවුද කියලා. ඉතින් මෙයා හැමදේටම ලෑස්ති වුණාම මේ ආරංචිය උඩටම ගියාලු.

ඡන්ද ව්‍යාපාරයක් යන අතරේ මෙයා කතා කරලා රට පෙරළන්න හැදුවොත් සියල්ල අවුල් වෙන නිසා මෙයාගේ කට වහන්න ලියන මහත්තයා පට්ටම එහෙම තියන්න කට්ටිය තීරණය කළාලු. වැඩේ ඉවර වෙලා මෙයාට යන පාර කියන්නම් කියලලු දැනට කට්ටිය කතා වෙන්නේ. කොහොම වුණත් ලේකම් කාලේ දාපු සද්ද ගැන ගොඩක් අය එයා එක්ක ගනුදෙනු බේරගන්නලු ඉන්නේ.