මේ රටේ හාල් ව්‍යාපාරෙ කරන පුලතිසිපුරේ පැත්තෙ ඉන්න දැවැන්ත ව්‍යාපාරික භවතෙක් හැමදාම කළේ මහ පක්ෂයකට කිට්ටුවෙලා තමන්ගෙ වැඩ කරගන්න බලාපු එකලු...
රත්තරන් වගේ බැබලෙන නමක් තියෙන මුන්නැහේ පසුගිය ඡන්දෙදි උදව් කළේ ටැලිෆෝන් පාටියටලු. ඒකට දැවැන්ත ආධාර උපකාර කළ මුන්නැහේ ඉදිරි මහ ඡන්දෙන් පස්සෙ ‘ලැයිස්තුවෙන්’ ඇතුළට එන්නලු සැලසුම් කරල තිබුණෙ.
මුන්නැහේ කොච්චර ඒ පක්ෂයෙ ඉහළ තැන්වලට කිට්ටුද කියනව නම් ජනාධිපතිවරණයෙ නාමයෝජනා දෙන දවසෙ ඡන්ද කොමිසම ඇතුළට ගිය විපක්ෂ නියෝජිත පිරිසෙත් සාමාජිකයෙක් වෙලා හිටිය.
කොහොම නමුත් විපක්ෂය මහපුටු සටනින් පරාජය වුණාම මෙයා හරියට අප්සෙට් වෙලා තවත් නම් දේශපාලනේට සල්ලි වියදම් කරන්නෙ නැහැ කිය කියා පොළොවෙ හැපෙනව කියල තතු දත් අය කියනව...