2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

එපාලු - ඕනලු

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 2603

අලි පාටියේ ලොකු ලියන මහත්තයාකම දැනට පුත්තලමේ එක්කෙනා භුක්ති වින්දට දැන් ඒක මාරු කරන්න කියලා හතර අතින් ඉල්ලීම්ලු. මේකට යෝජනා වෙලා තියෙන්නේ කුරුණෑගල පැත්තේ හිටිය ලියන මහත්තයෙක්. හැබැයි එයා ඒකට වැඩි කැමැත්තක් නෑලු. කොහොම වුණත් එයාට බලෙන් හරි ඇඟේ ගහන්නලු කට්ටිය දඟලන්නේ.

ඒත් වැඩේ කියන්නේ පක්ෂයේ ඒ තනතුර වෙනුවෙන් ගාල්ල පැත්තේ දේශපාලන වශයෙන් වර්ධනය වෙන කෙනෙක් හොරෙන් ට්‍රයි කරනවලු. එක එක කට්ටිය දම්මලා එයාගේ නමත් කියවනවලු. ඒත් මෙයා නම් ඉන්නේ තනතුරු වැඩක් නෑ... පක්ෂය වෙනුවෙන් කියලා. හැබැයි මෙයා හරිම ආසයිලු මේ වැඩේට. ඒ නිසා බෑ කිය කියා වටේ යනවලු හා කියමින්.

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00