මේ රටේ ඉන්න ඉහළම තානාපති මට්ටමේ කෙනෙක් ඡන්දෙට දවස් දෙක තුනකට කලින් හරියටම ආසන්නව ඡන්ද ප්රතිඵලය ප්රකාශ කළාය කියල දේශපාලන අංශෙ කතාවක් යනව.
මේ ප්රතිඵල කතාව ඒ තානාපති මුලින්ම කියල තිබෙන්නෙ තමුන් හමුවෙන්න ආපු එක්තරා දේශපාලන පක්ෂයක නායකයකුටලු. ඕගොල්ලො ගන්නෙ මෙච්චරයි... අරගොල්ලො ගන්නෙ මෙච්චරයි කියල එයා ආසන්නම ඡන්ද ප්රතිඵලය තමුන් හමුවෙන්න ආපු දේශපාලන නායක තැනට කිව්වලු.
දිනන්නෙ අහවලා... අහවලා දෙවැනිය කියල ඒ තානාපති ගණන් මිනුම් එක්ක කියාපු අනාවැකිය ඡන්ද ප්රතිඵලයත් එක්කම ඇත්තක් බවට පත් වුණා. ඊටපස්සෙ එයාගෙන් අර පක්ෂ නායකයා ඇහුව කොහොමද මේක හරියටම දැනගත්තෙ කියල. එතකොට එයා ලෝකෙ සුප්රකට බුද්ධි අංශයක නම කියල කිව්ව එයාල තමයි කිව්වෙ කියල.