අත පාටියේ හිමිකාරකමට සටන් කරපු හිටපු රටේ ලොකු උන්නැහේ මේ වෙද්දි අවසන් තීන්දුවක් අරන්ලු. ඒ පක්ෂය අත් ඇරලා දාන්න. හේතුව මේකට මරාගත්තා කියලා කිසිම තේරුමක් නෑ කියලා එයට තේරිලාලු තියෙන්නෙ. කොහොම හරි මෙයා මේකට දාපු නඩු හබ ටිකත් අත් ඇරලා දන්න තමයිලු යන්නෙ.
මෙහෙම අයින්වෙන මෙයා ගමට ගිහින් සැනසීමේ ජීවත් වෙලා පුතණ්ඩියට තැන දෙන්නලු උත්සහ ගන්නෙ. මෙයාගේ මේ විශ්රාම යාම ගැන සමහර අය එක්කත් කතා කරලලු තියෙන්නෙ. මේකට ලොකුම හේතුව දැන් මෙයා එක්ක කිසිම කෙනෙක් නෑලු. ඒ නිසා මෙයා ආයේ දේශපාලන ගමනකට එක් නොවෙන්න තීරණය කරන්නලු ඉන්නෙ.