හිටපු ලොකු තැන ආයේ තනතුරුවලට එන්නෙ නෑ කියලා ඡන්දයත් අත හැරියනෙ. එයා සැපෙන් සනීපෙන් ඉන්නකොට ආණ්ඩුවේ අය එයාට ගහන්න කරන්න ගත්ත එකත් එක්ක එයා සක්රීය දේශපාලනය කරන්න ආයෙත් ඇවිල්ලලු. ගෑස් සිලින්ඩරේ දිනවන්න මෙයා බැහැලම වැඩලු.
මේ අතර පොහොට්ටුවේ ඉඳලා ගෑස් සිලින්ඩරෙන් ඡන්දය ඉල්ලන්න ආපු සැට් එක දැන් හිටපු ලොකු තැනට වද දෙනවලු “සර් ඔයා ආයේ ඇතුළට එන්න” කියලා. ඒකට හේතුව තමයිලු එයාලට නායකත්වය දෙන්න කෙනෙක් තවම නැති එක. ඒ නිසා හිටපු ලොකු තැන ජාතික ලැයිස්තුවෙන් ඇතුළට තල්ලු කරන එක තමයිලු එයාලගේ ලොකුම හීනය.