2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා

පොල් ගහනවලු

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 2288

දියවන්නා කවුන්සිලේ හිටපු දෙවැනි මට්ටමේ ඉහළම දේශපාලන මහත්තයකුට මල පැනලලු...

උන්නැහේට මල පැන්නෙ තමන් ඉන්න නිල නිවාසෙ අහවල් දවසට කලින් රාජ්‍ය පරිපාලනේට භාරදෙන්න කියල ලියුමක් යවාපු නිසයි. ඒ කතාව මාධ්‍යයෙත් ගියා. ඊට පස්සෙ මේ රාජ පාක්ෂික දෙවැනිය රාජ්‍ය පරිපාලනේ ඉහළම කෙනකුට දුරකතනයෙන් අමතල “ඇයි මේ අපි හොරු කරන්න හදන්නෙ” කියල ලොකුවටම දොස් කියල.

ඊට පස්සෙ එයා කිව්වලු “මේව පත්තරවල ගියාම අපේ ළමයින්ට ඉගෙන ගන්න යන්නත් බැහැ. මම මේකට සාප කරනව... පොල් ගහනව... තමුන්ල බලාගෙන ඉන්නව” කියලත්.

ඊට පස්සෙ අර රාජ්‍ය පරිපාලනේ නිලධාරිය කිව්වලු “ඔබතුමා ඕන දෙයක් කරන්න... අපි කරන්නෙ අපේ රාජකාරියයි” කියල. එහෙම කිව්වම දියවන්නා ලොක්ක හුටස් ගාල ටෙලිෆෝන් එක තිබ්බලු.

 

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00