දියවන්නා කවුන්සිලේ විපක්ෂයෙ ලොකුම ලේකම් පට්ටම භාරගන්න හුඟ දෙනෙක් බැහැ කියලලු. කලින් ඒ පට්ටම දැරූ දෙතුන් දෙනෙක්ගෙන් මේ ගැන බලධාරින් ඇහුව. අපෝ අපිට නම් ඔය මරාලෙට කරගහන්න බැහැ කියල ඉවත් වුණාලු.
ඒකට හේතුව ඔය ලේකම්කම් කවුරු ගත්තත් තීන්දු තීරණ ගන්නෙ විපක්ෂයෙ ඉහළම පුටුවකට සමීපතම පිටත ඉන්න උන්නැහේ කෙනෙක් නිසාලු.
එච්චර විතරක් නෙවෙයි විපක්ෂයට හිමිවුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීල තවම පත් කරගන්න බැරිවෙලා තියෙන්නෙත් ඔය කියන පොර නිසා කියල සමහරු චෝදනා කරනව.