දුරකථන පාටියේ උඩම ලෙවල් එකේ ලොක්කො ටික මේ වෙද්දි එකතු වෙලා තීරණයක් අරන්ලු තියෙන්නෙ පක්ෂයේ නායකත්වය ගැන. ඒකට හේතු කිහිපයක් තියෙනවලු. එක්කෙනෙක් ලොකු තැනගේ මිත්‍රයෙක්. අනෙක් කෙනා කාන්තාවක්. මෙන්න මේ අය තමයිලු පක්ෂයෙ තීරණ ගන්නෙ. අන්න ඒ නිසා තමයිලු අවුල. මේකට ආසන්නම සිද්ධිය ලැයිස්තුවක්ලු.
පක්ෂයේ ඉඳලා ආපහු සැට්වුණු සිංහයෙක් වෙන්න හදන පොරක් ලැයිස්තුවෙන් දාලා, පක්ෂයේ සභාපති, ජාතික සංවිධායක, කොළඹට පායපු හිරු සහ කුරුණෑගල කෙනෙක්ගෙ නම් කපපු එක වෙලා තියෙන්නෙ ලොකු තැනගේ ගෙදර වුණු කතාවකින්ලු. අන්න ඒ නිසා මේ අය දැන් ටික ටික අලුත් පාරක් හොයන් යන්නලු හදන්නෙ. ඒ අලුත් දේශපාලන ව්‍යාපාරයක්. ඒ ගැන මේ වෙද්දි හැමතැනම කසුකුසු වගේම රෑට රෑට හොර රහසේ සාකච්ඡාලු.