2025 ජනවාරි 11 වන සෙනසුරාදා

නායක හුටපටයක්

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 500

අත පාටිය මුල්වෙලා අලුතින් හදන්න යන දේශපාලන සන්ධානයක් ගැන පසුගිය දවස්වල ලොකු කතාවක් ගියා. ඒත් දැන් දැන් ඇහෙන්නෙ මේ වැඩේ පොඩි කොස්සක් තිබෙන බවයි.

ඒකට හේතුව නායකත්ව ප්‍රශ්නයක්ලු. මේ සන්ධානයෙ හවුල්කාර පක්ෂ ගණනක ජ්‍යෙෂ්ඨ නායකයො ඉඳිද්දි වයඹ පළාතෙ ඉන්න එක්තරා නායකයෙක්ට සන්ධානයෙ ලොකු පුටුව තමන්ටම ඕනය කියලලු. ඒ හින්ද හවුල්කාර පක්ෂවල සගයො කලකිරීමට පත්වෙලා ඉන්නවලු.

මේ වැඩේ පිටිපස්සෙ ඔය පක්ෂයෙ නායක මට්ටමේ ඉන්න පොරකුත් ඉන්නවලු. උන්නැහේ මේ ප්ලෑන ඇඳල සද්ද නොකර නිදි වගේ ඉන්නවලු.