2025 ජනවාරි 25 වන සෙනසුරාදා

පට්ටම එපාලු

 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 480

එක්තරා පළාතක් පාලනය කරන ආණ්ඩුකාර සයිස් මහත්තයකුට පට්ටම එපා වෙලා කියල උන්නැහේම තැන්තැන්වල කියන්න පටන් අරන්ලු.

පසුගිය දවසක තමන් අධ්‍යාපනය ලැබූ පාසලේ පැවති උත්සවයකදි උන්නැහේ ප්‍රසිද්ධියෙම කිව්වෙ තමන්ට මේ පදවියෙන් ලැබෙන්නෙ රුපියල් 65,000 ක වැටුපක් බවත්, තමන්ගේ ඉගැනුමේ හැටියටත් කලින් දැරූ තනතුරුවල හැටියටත් තමන්ට ලක්ෂ හතරක පහක වැටුපක් ලැබෙන වෙනත් රැකියාවක් සොයා ගැනීම ඉතා පහසු බවයි. උන්නැහේ මෙහෙම ආතල් කතා කිව්වත් එයාට ආණ්ඩුකාර පට්ටමට ලැබුණු සුපිරි නිල රථය ඉන්ධන ලීටරයට කිලෝමීටර් 4 ක් විතර වැඩ කරන සුපිරි වර්ගයේ වාහනයක්ලු.

කිසිම දිනක තමන්ගේ ජංගම දුරකතනයට ඉතා වැදගත් වී.අයි.පී. කෙනෙක් හැර කවුරු කතා කළත් පිළිතුරු නොදෙන මේ ආණ්ඩුකාරතුමා ජනතාවගේ ප්‍රශ්න තමන්ට කරදරයක් විදියට සලකන අමුතුම වර්ගයේ කෙනෙක් බවයි තතු දත් අය කියන්නෙ.

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00