2025 ජනවාරි 25 වන සෙනසුරාදා

සමහරුන්ට අපල කාලයක්

 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 596

සමහර ආයතනවල තවම ඉන්නවලු‍ පරණ ආණ්ඩුවල හිටිය අය. ඒ අය අතරින් හොඳ අය වගේම නරක අයත් සමහර තනතුරුවල ඉන්නවලු‍. එහෙම නරක අය ගොඩක් දැන් අලු‍ත් ආණ්ඩුව වෙනුවෙන්මලු‍ වැඩ. අලු‍ත් අයටත් වඩා හොඳින් වැඩ කරනවලු‍. කොහොම වුණත් මේ නරක අයගේ නරක වැඩවලට නීතිය ක්‍රියාත්මක කරන්නෙ කොහොමද කියලා සමහර පොලිසියේ මහත්වරුන්ටත් ප්‍රශ්නයක් තිබුණලු‍.

කොහොම වුණත් ලොකු තැන මේ මෑතක පොලිසියේ අය හම්බවුණු වෙලාවක කිව්වලු‍ එයාලා එහෙම හිටියට කමක් නෑ... ඔයාලා නීතිය ක්‍රියාත්මක කරන්න... එයාලා වැරදි නම් එහෙමම ඇරෙස්ට් කරන්නත් කියලා. මේ ඉඩදීම නිසා පොලිසිය දැන් හරි හරියට වැඩලු‍. සමහර අය සාක්ෂි ගේන්නත් කැඳවන්නලු‍ යන්නෙ. දන්න හැටියට පෙබරවාරි මාර්තු වෙද්දි ගොඩක් අයට සෙනසුරු අපලයක් පල දෙන්න යනවා කියලයි ආරංචිය.