2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා

දුක කිව්ව ලොක්කා

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 525

පසුගිය දවසක දියවන්නා කවුන්සිලේ ඉහළම පුටුවකට පත්වුණු ඈත පළාතකින් කවුන්සිලේට ආපු ලොකු මහත්තයෙක් පිළිගන්න උන්නැහේ නියෝජනය කරන පුලතිසිපුර පැත්තෙ ලොකු උත්සවයක් තිබුණලු.

රට පිළිගත් හොඳ වෘත්තිකයෙක් වන මෙතුමගෙ වෘත්තිය සගයො තමයි මේ උත්සවය ලෑස්ති කළේ.
ඉතින් උත්සවය පටන් අරන් කතා කරපු හැමදෙනාම මුන්නැහේගෙ අලුත් තනතුරට සුබ පතල ඒකෙන් පළාතට කෙරෙන්න යන වැඩ ගැනත් කිව්ව.

ඊටපස්සෙ තමයි මෙතුමට කතා කරන්න ලැබුණෙ. උන්නැහේගෙ කතාවෙදි කිව්වෙ මෙන්න මෙහෙම දෙයක්ලු.
“මට හම්බවුණ තනතුර නම් හුඟක් ලොකු බලවත් එකක් ඒ වුණත් දැන් මගේ ජීවිතේ ටිකක් දුෂ්කර තත්වෙට පත්වෙලයි ඉන්නෙ. ඉස්සර මම රස්සාව කරන කාලෙ දිනපතා තෝර මාළු එක්ක බත් කෑව. දැන් නම් බත් කන්න වෙලා තියෙන්නෙ හුරුල්ලො මාළුත් එක්කයි. ඒ හින්ද අපි වැඩක් කරන්න බලමු. ඒත් මේ ජීවිතේ නම් හරිම දුෂ්කරයි...” කියමින් එතුමා තමන්ගෙ මිතුරන්ට දුක කිව්වලු.

 

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00