2025 මාර්තු 01 වන සෙනසුරාදා

අලි වැඩක්

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 580

ආණ්ඩුවේ සමහර පත්කිරීම්වලට කාලයක් අලි ආණ්ඩුවට උපදෙස් දුන්න කෙනෙක් සම්බන්ධ බවට ඇතුළේ දැන් කසුකුසුවක්ලු‍. එයා රට ඉඳලා ඇවිල්ලා තියෙන්නෙ මේ ආණ්ඩුව පත් කරන වැඩේට උදව් වෙන්න. දැන් ආණ්ඩුවේ උපදේශක කෙනෙක්.

කොහොම වුණත් දැන් මෙයා සමහර තැන්වල කියන කරන කතා ආණ්ඩුවේ උඩ අයට ආරංචි වෙලාලු‍. මෙයා කියන්නෙ මෙයා නැත්නම් ආණ්ඩුවක් නෑ වගේලු‍. ඒත් කාලයක් සීනුවට වැඩ කරන අය ඉස්සරහත් මෙයා තෙල බෙදන්න ගිහින් ඒ කට්ටියට යකා නැගලලු‍ ඉන්නෙ. මෙයා හිටපු ගමන් බොරු කෝල් ගන්නවලු‍ “ලොක්කා කතා කරනවා”‍ කියලා. මේවා එහෙන් මෙහෙන් ලොක්කගේ කනටත් ගිහින්ලු‍.

මෙයා මෙහෙම දැඟලු‍වොත් ලොක්කට සීනුවේ අය කියන්නලු‍ ඉන්නෙ මෙයා එක්ක අපිට වැඩ කරන්න බෑ කියලා. පිරිසිදු ලංකාව හදන වැඩෙත් මෙයා ඉන්න නිසා දැන් මෙයා හැසිරෙන්නෙ ලොක්කගේ සහෝදරයා වගේ. අන්න ඒකලු‍ ගොඩක් අයට දිරවන්නෙම නැත්තෙ.