2017 ජුලි 08 වන සෙනසුරාදා

ප්‍රතිඵල එන්න පටන් අරන්ලු

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 369

ආණ්ඩුවෙ ඉන්න ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙක් තමන්ගෙ අමාත්‍යංශය යටතේ තියන සංස්ථා මණ්ඩල මූල්‍ය සමාගම් වගේ ඒවයෙ ලොක්කන්ට කතා කරල පහුගියදා අපූරු අවවාදයක් දුන්න කියල ආරංචියි. ඒ උපදෙසින් කියැවුණේ අදාළ අමාත්‍යංශයෙ රාජ්‍ය ඇමැතිවරයාගේ කැඳවීම් අනුව අධ්‍යක්ෂ මණ්ඩල ලොක්කොත් සංස්ථා මණ්ඩල සභාපතිවරුන් ඔහුගේ කාර්යාලයට යාම අනවශ්‍ය බවයි.

එයා රාජ්‍ය ඇමැති. එයාට කිසිම විෂයක් ගැසට් කරල නැහැ. ඒ නිසා ඔයගොල්ලො එයා හම්බුවෙන්න ගියාට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔයගොල්ලො පත්කළේ මම  නිසා මම කියන හැටියටයි ඔයාල වැඩකරන්න ඕනෑ... ඇමැතිතුමා තදින්ම උපදෙස් දුන්න. ඊට පස්සෙ රැස්වීමෙහි හිටපු සමහරු යම් යම් සුළු ප්‍රශ්න වගයක් ඇහුවලු... ඒවට උත්තර දුන්න ඇමැති තැන කළින් කතාවම නැවතත් රිපීට් කරල කීවලු. මින් ඉදිරියට මගේ උපදෙස් අනුව යමෙක් ක්‍රියා නොකළොත් එයාට මගේ අමාත්‍යංශය යටතේ ඉන්න බැරිවේවි කියලත්.

ඇමැතිතුමා තමන්ගෙ රාජ්‍ය ඇමැති ගැන දුන්න මේ උපදෙසට සවන් දුන් සංස්ථා මණ්ඩල ලොක්කො මූහුණට මූහුණ බලාගත්තලු... එක්කෙනෙක් විහිළුවට වගේ ළඟ හිටපු කෙනකුට කනට කරල කීවලු රාජ්‍ය ඇමැති මුණගැහෙන්න ගියොත් අපිට මේ වර්ල්ඩ් ට්‍රේඩ්සෙන්ටර් එකෙන් බිමට පනින්න තමයි වෙන්නෙ කියල.

ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා තනතුරේ දිවුරුම් දීල කාලයක් යනකම් කන්තෝරුවට ආවෙ නැති මේ රාජ්‍ය ඇමති තැනට රහසෙ කතාකරපු රුස්විමෙ හිටපු සභාපතිවරයෙක් විහිළුවෙන් වගේ ඔන්න සර් සහජීවනේ ප්‍රතිඵල එන්න පටන් අරන් කියල කිව්ව කියලත් ආරංචියි.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00