2017 ජුලි 08 වන සෙනසුරාදා

පක්ෂ නායකයගෙ තට්ටු 35 බිල්ඩිම!

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 346

තමන්ගෙ කන්තෝරුවෙ වාස්තු දෝෂ නිසා ලැබෙන්න තියන තනතුරු අහිමි වෙනවය කියල හිතන වතුකර නායකයෙක් මේ අර්බුදයෙන් ගොඩයන්න අල්ලපු රටේ වාස්තු විද්‍යාඥයින්ට ලොකු ගාණක් ගෙවල උපදෙස් ලබාගත්ත... දැන් ඒ උපදෙස්වල හැටියට උන්නැහේ වැඩ පටන් ගන්නයි ලෑස්තිය.

ඒ අනුව කොළඹ මල්පාර කිට්ටුව තියන උන්නැහේගෙ කන්තෝරුව කඩල දමල එතැන තට්ටු 35ක අලුත් මහ බිල්ඩිමක් ගහන්න යනවලු... මෙච්චර ලොකු බිල්ඩිමක් හදන්නෙ ඒකෙ තට්ටු පිටින් කුලියට දෙන්න කියලයි ආරංචි. ඒ විදියට ගෙවල් කුලියෙන් ලැබෙන ආදායමින් තමන්ගෙ පක්ෂය දුවවන්න වුණත් පුළුවන් කියල මේ වතුකර ලොක්ක කියනවලු...

ග්‍රහ අපල තියන කාලෙට ගෙයක් දොරක් හදන්න ගත්තම තිබෙන අපල ධුරිභූත වෙනවය කියන නිසා මේ වැඩෙන් පස්සෙවත් උන්නැහේට ආණ්ඩුවට සෙට්වෙලා ඇමැතිකමක් ගන්න පුළුවන් වේවි කියල එයා හිතනවලු.