මන්ත්‍රීවරු හත් අට දෙනෙකුත් එක්ක ආණ්ඩුවට එකතුවෙලා ඉන්න ඇමැති සයිස් මහත්තයෙක් රූපවාහිනි නාළිකාවකුයි, ගුවන්විදුලි නාළිකාවකුයි අත්පත් කරගෙන කියලා කතාවක් යනවා...
උන්නැහේ නියෝජනය කරන්නෙ එක්තරා සුළු පක්ෂයක්. එයා මේ විදිහට මාධ්‍ය ආයතන පටන් ගන්තෙ ළඟදි ඇතිවෙන්න යන අලුත්ම දේසපාලන සන්ධානයක ප්රචාරක වැඩට උපයෝගී කරගන්න කියලත් ආරංචියි. විල්පත්තු කැලේ ගැන කියැවෙන හැම මොහොතකම අපට මුන්නැහේගෙ නම මතකයට එන්නෙ නිතැතින්මයි. එයාට ඒ ප්‍රශ්නවලදි ආණ්ඩුවෙන් සාධාරණය ඉටු වුණේ නැහැ කියලත් එයා ඉන්නෙ කලකිරීමෙන්. ඒ හින්ද මේ ඇමැති සයිස් මහත්තය ඒකාබද්දෙ “...සිල්” කියන බලවතා එක්කත් දැන් නිතර නිතර කතා කරනවලු.
කොහොම හරි ළඟදි පටන් ගන්න යන අලුත් දේසපාලන සන්ධානයක ප්රචාරක වැඩට මුන්නැහේගෙ චැනල් වල සපෝට් එක දෙන බවට නම් සහසුද්දෙන්ම පේන්න තියෙනවා කොහොම හරි මේ “සිල්.... දීන්....” සබඳතාවෙ අගමුල ළඟදිම හෙළිදරව් වෙන්න ඉඩ තියෙනවා කියලා කාරණා කාරණා දන්න අය කියනවා.