2017 ජුලි 29 වන සෙනසුරාදා

රටට බුද්ධිමත් දේසපාලන නායකත්වයක්

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 468

ගිය ආණ්ඩුවෙන් ඇමැති පට්ටමක් දරල පසුව ඉවත්වෙලා මේ ආණ්ඩුව හදන්න මුල්වුණ කටකාර ඇමැති සයිස් මහත්තයෙක් අලුත් වැඩකට අතගහලලු...

මේ වැඩකටයුත්ත දැනට කෙරෙන්නෙ ඉතාමත් රහසිගත සාකච්ඡා මට්ටමින් කියලයි ආරංචිය යන්නෙ...

මෙයාගෙ වැඩපිළිවෙළට දීපු තේමාව තමයි “රටට බුද්ධිමත් දේසපාලන නායකත්වයක්” කියන එක දිගුකාලීන දේසපාලන ගමනකට පාර කපන්න මුල් පියවරලු මේක... අනාගතේ රටේ ඉහළ තැනකට එන්න මේ ඇමැති මහත්තයයි... උන්නැහේගෙ පුත්‍රරත්නයයි සූදානම් වෙනවා කියලා ඒගැන තතුදත් සමහරු කියනවා...

මහජන සේනාවකට වුණත් නායකත්වය දෙන්න පුළුවන් ඇමැති තාත්තයි උන්නැහේගෙ පුත්‍රයයි තමන්ගෙ කණ්ඩායම එක්ක කරපු අලුත්ම සාකච්ඡාව පසුගියදා තිඹිරිගස්යායෙ ඉන්ධන පිරවුම්හල කිට්ටුව තැනකදී තිබ්බ කියලත් ආරංචියි...

කවදාවත් තමන් කරපු වැඩකින් පරාජිත නොවූ ඇමැතිතුමාගෙ මේ දේසපාලන අඩව්ව ගැන ඉහළ තැන්වලටත් කාරණා කාරණා දැනගන්න ලැබිලා... තව ටික දවසකින් ඒවයෙ ප්‍රතිචාර බලාගන්න පුළුවන් වේවි කියලා කියැවෙනවා...