2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

දින පටලැවිල්ල

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 379

හම්බන්තොට වරාය චීනෙට පැවරිල්ල පසුගිය කාලෙ ඒකාබද්දෙට ලොකු මාතෘකාවක් වෙලා තිබුණා. රත්තොත් ඒ සටනෙ ජයටම හිටියා...

මේ පාරත් ගිවිසුම අස්සන් කරන්න කියලා හිටපු සෙනසුරාද දවසෙ වරාය ඉස්සරහ ලොකු විරෝධයක් පළ කරන්න කස්ටිය සූදානමින් හිටියා... එහෙම ඉන්නකොට අන්තිම මොහොතෙ ආණ්ඩුවෙ ලොකුම කන්තෝරැවකින් නිවේදනය වුණා ගිවිසුම අස්සන් කරන්නෙ සෙනසුරාදා නොවේ අඟහරුවාදා කියලා...

ඒ පාර විපක්ෂය තමන්ගෙ විරෝධය අඟහරුවාදාට කල් දැම්ම. කල් දාලා කස්ටිය හුඟ දෙනෙක් කොළඹින් පිට ආයතනවල තමන්ගෙ කටයුතු කරන්න ගියා.

ඒ සේරම සිද්ධ වුණාම හදිසියෙම සිකුරාදා හැන්දෑවෙ ආණ්ඩුව කිව්ව මේ ගිවිසුම කලින් තියපු විදියට සෙනසුරාදට අස්සන් කරල ඉවර කරන බව...

මේ කතාව කියනකොට විපක්ෂයෙ හුඟ දෙනෙක් කොළඹින් පිට. ආන්තිමට ආණ්ඩුවෙ උපක්‍රමේ හරිගියා. විපක්ෂයෙ කිසිම විරෝධතාවකින් තොරව සෙනසුරාද ගිවිසුම අස්සන් කළා. දින පටලවල ආණ්ඩුව කරපු දේසපාලන උප්පරවැට්ටිය හරි ගියා...