2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

ක්‍රිකට් හෙනහුරාලට රතු එළි

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 410

ක්‍රිකට් පරිපාලනෙන් යන්න හිතලා අස්වෙන්න ලියුම් දුන්නත් ක්‍රිකට් ලොක්කො ඒ ලියුම් භාර නොගත්ත ධර්මයට බර මහත්තයකුට ඉහළම මන්දිරේකින් ඇරයුමක් ලැබිලා... මේ සෙල්ලමට වෙච්ච සන්තෑසිය ඇත්තටම මොකද්ද කියල දැනගන්නයි උන්නැහේට කතා කරලා තියෙන්නෙ. ඉතින් උන්නැහේ ඉතාම පරෙස්සමෙන් තමන් දන්න කියන දේ විතරක් කියල මෙතන නම් තවත් ඉන්න බැහැ හිටියොත් වෙන්නෙ කවද හරි තමන් හදාගතත්ත නම නාස්ති වෙන එකය කියලත් දන්වලා...

ලංකාවෙ ජනප්‍රියම සෙල්ලම මේ තරම් ජරාජීර්ණ වෙච්ච හැටි ගැන මෙයාට අමතරව තවත් හත් අට දෙනකුගෙන්ම බොහෝ තොරතුරු දැනගෙන හිටපු ලොකු මහත්තය අන්තිමට බරපතළ තීන්දුවක් ගන්නලු යන්නෙ උන්නැහේලගෙ අ‍ෙමරිකා ගමනින් පස්සෙ.

ක්‍රිකට් කෙළින් කරන්න සැබෑවටම මේ ක්‍රීඩාවට ආදරේ කට්ටියකට ආරාධනා  කරන්නත් ක්‍රිකට් වල ඉහගෙන කන මාධ්‍යයෙන් විතරක් ක්‍රිකට් නග්ගන ටයිකෝට්කාරයො සුදුසු තැනකට දක්කන්නත් වැඩක් සැට්වෙන්න පුළුවන් කියල තතු දත් අය කියනවා.