පට්ටම ගැලවුණ “හිරු”තුමා අලි පාටියේ දරන තානාන්තරෙන් ගලවන්න කියලා ඇතුළේ දෙතුන් දෙනෙක් පොඩි ජරමරයක් කරනවලු.
උප මට්ටමේ පට්ටමක් දරන හිරුගෙ තනතුර බලාපොරොත්තු වන පිරිසක් මේ කතාව යට ඉන්නවය කියලත් කියනවා. මේ දවස්වල රට ගිහිල්ලා ඉන්න අලි පාටියේ ලොකු මහත්තයා ආපසු ආවම උන්නැහේට මෙයා ගැන ගතු කීමේ සැලසුමකුත් දියත් කරලා කියලයි කියැවෙන්නෙ.
බැඳුංකරේට අමතරව අලි පාටියෙ පස්සෙ පේළියේ කස්ටියගෙ නායකයා වෙන්න තිරය පිටිපස්සෙ නූල් අදින බවටත් සමහරු හිරුට චෝදනා කරනවලු. ඒවගේම අනුන්ගෙ ආසාවලට ගිහිල්ලා කරන කටයුතු ගැනත් විවේචන එල්ලවෙලා.
ඒ නිසා ළඟදිම රත්නපුරේ තියන අලි පාටි සමුළුවේදි මෙයා දැන් දරන පට්ටම පක්සයේ වියපත් ජ්‍යෙෂ්ඨ කෙනකුට ලැබෙන්න පුළුවන් කියල කතාවක් යනව.