අලුතෙන් පක්ෂයක් හදාපු දුටුගැමුණු ආචාර්යතුමාට පසුගියදාක දුරකතන ඇමතුමක් ඇවිල්ලා.
එහා පැත්තෙන් කතා කළේ මේ රටේ බලවත් දේසපාලුතුමෙක්... ගැමුණු ආචාර්යතුමා අතීතයේ ඉඳල මේ අය එක්ක රණ්ඩුවෙවී තරහ වෙවී නොයෙක් ගනුදෙනු කළා... ගැමුණුට පට්ටම් දෙන්නත් ඒව නැති කරන්නත් ඔය කියන බලවත් අය සම්මාදම් වුණා...
ඒත් ඒක නෙවෙයි කතාව. ඔය බලවතා ගැමුණුට කෝල් එකක් දීල ණයක් ඉල්ලුවලු. හැබැයි ඒ ණය ඉල්ලුවෙ දේසපාලන බලවතාට නෙවෙයි... උන්නැහේගෙ හිතවතෙකුට... ඉල්ලපු ණය මුදල මිලියන විස්සක් තිහක් කියලයි කියැවුණේ...
ණය කතාව ඇහුණ විතරයි ගැමුණු කීවෙ මෙහෙමලු “අපොයි බුදු සර් මම දුප්පතා. කොහේ තියන සල්ලි ද. අප්පා මමත් මේ බැංකුවෙන් ණයත් ඉල්ලලයි බලා ඉන්නෙ...” කියලලු. ඊට පස්සෙ දේසපාලන බලවතා ආයෙම ගැමුණුට කරදර කරන්නෙ නැතුව දුරකතනය කියලා...
හැබැයි ඊට දවස් දෙකතුනකට පස්සෙ ගැමුණුතුමා තමන්ගෙ පක්ෂය පිහිටුවන්න නැති සල්ලි ලක්ෂ ගණනක් වියදං කළා කියල අර බලවතාට දැනගන්න ලැබුණලු. දැන් උන්නැහේ ගැමුණු හම්බුවෙනකම්ලු ඉන්නෙ ඒ ගැන අහන්න...