2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ඇත්ත පත්තු කිරීම

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 486

කැබිනට් සයිස් මහත්තයෙක් පසුගියදාක තමන්ගෙ ගම්පළාතෙ වේදිකාවකදි මාර කතාවක් කිව්වලු...

උන්නැහේ එක්තරා “පාල” කෙනෙක් ගැන සඳහන් කරමින් “පාල”ගෙ පට්ටන්දරේ මහජනතාව ඉස්සරහම දෙසා බෑවලු...

උන්නැහේ සංවර්ධනේ කොරපු හැටි ඒකෙන් සංවර්ධනේ වුණ කස්ටිය ගැන වගේම සේප්පු පිරැණ අය ගැනත් කියල. ඇමැතිතුමා කරපු වැදගත්ම හෙළිදරව්ව සීයට විස්සෙ කතාව කියලා එතන හිටපු අය කියනවා. ඉතින් මේ බලවත් ඇමති කියන “පාල”ට දැන් බලයක් නැහැ. තිබුණ බලය සුමාන ගාණනකට කළින් නැතිවුණා. ඒත් උන්නහේගෙ පවුලෙ කස්ටිය දැන් දේශපාලන පක්ෂ දෙක තුනකම ඉන්නවලු.

කොහොමින් කොහොම හරි ඊළඟට එන පළා බබා ඡන්දෙන් එක්තරා පළාතක මහ පුටුවට නැවත එන්න පාලලා තාම ට්‍රයිලු... ඒකට විරුද්ධව කැබිනට් මට්ටමේ බලවේගයක් හදන්න පළාතෙ දියවන්නා කස්ටිය සැරසෙන බවත් ආරංචියි.