රට ෆෙඩරල් කරනවය කියන උතුරු සන්ධානෙ කස්ටියට ඒක කරන්න කළින් තමන්ගෙ පක්ෂය බේරගන්න වෙලා කියලා කතාවක් පැතිරෙනව. ඊයේ පෙරේදා ඉඳලා උතුරු සන්ධානෙ මෙතෙක් අළුයට තිබුණ දේසපාලන ගින්න පත්තු වෙන්න පටන් අරන්ලු.
ළඟ ළඟ එන උතුරු පළා බබා ඡන්දෙදි දැන් ඉන්න මහ ඇමැති විග් කොන්කරල උතුරු සන්ධානෙන් සේනාධිව ගේන්න සන්ධාන කස්ටිය රහසිගතව ගත්තු තීන්දුවක් විග්ට ආරංචි වෙලා...
ඊට පස්සෙ එයා ටිකක් පරලවෙලා... තමන් පිටිපස්සෙන් ඉඳන් අලුතින් හැදු පාටියෙ කස්ටියට එක්ක සැට්වෙන්න දැන් සේරම සූදානම්ලු. ඒ කතාව හරිගියොත් උතුරු සන්ධානෙ සේනාධි එක්ක සටනට විග් උන්නැහේ එන්නෙ අලුත්ම පක්ෂයකින් කියලයි ඒ පළාතෙ මිනිස්සු කියන්නෙ. ඒක රැඩිකල් ඔපරේෂන් එකක් කියලත් එයාලා කියනවා.