2018 ජනවාරි 20 වන සෙනසුරාදා

අලුත් මුහුණු ගැන ඉඟියක්

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 678

රටේ ලොකු මහත්තයත් එක්ක ඉන්න ඇමැති තාත්තලගෙ දූ පුතුන් එකතුවෙලා දේශපාලන “යූත් ගෘෘප්” (තරුණ කණ්ඩායමක්) හදලා.

මේ කස්ටිය ආණ්ඩු කරන පක්ෂ දෙකේ තියෙන ආරවුල ගැන දැන් සෑහෙන්න කැළඹිලාලු ඉන්නෙ....

ඒ නිසා වහාම වෙනසක් කරන්න කියලා මෙයාලා තම තමන්ගෙ මව්පියන් මගින් ඉහළට බලපෑම් කරන්න තීන්දුවක් අරන්...

ඊට පස්සෙ එයාලගෙ මේ තීන්දුව දැන් ඊමේල් මගින් තැන් තැන්වලට යවමින් අදහස් උදහස් ගන්නවලු.

ඒ ඊමේල් එකේ කළයුතු වෙනස්කම් වගේම වෙනසක් කළොත් ඊටපස්සෙ මතුකරන්න ඕනෑ අලුත් මුහුණු දෙකක් ගැනත් සඳහන් කියල ආරංචියි.

එයින් එකක් පොහොට්ටුවට සම්බන්ධ ප්‍රබල පවුලක ලොක්කෙක්ලු. අනෙක් තැනැත්තා අලි පාටියට සම්බන්ධ අවංක ජ්‍යෙෂ්ඨ නායකයෙක් කියලා මේ තරුණ දූ පුතුන්ගෙ කණ්ඩායම තීන්දු කරල එයාලා දැන් ඒ ගැන ඊමේල් මගින් මත විමසුමකුත් පටන් අරන්ලු....

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00