ඒ ඒ පක්ෂවලින් ඡන්දෙ ඉල්ලන උන්නැහේලට වියදං කරන්න පක්ෂවලින් සල්ලි දෙන්න පටන් අරන්ලු... ඒ ගැන තියන ආරංචි බොහොමයි. එක්තරා පක්ෂයක් ඡන්ද අපේක්ෂකයකුට රුපියල් 50,000 බැගින් දෙනවා... එයාලගෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයකුට රුපියල් 25,000 බැගින් දෙනවලු.
තවත් පක්ෂයක කාන්තා අපේක්ෂිකාවන්ට රුපියල් 50,000 බැගින් දෙන්නෙ ධනවත් රාජ්‍ය මට්ටමේ ඇමැතිවරියක්ලු. දකුණෙ ප්‍රබල පරණ ආණ්ඩුවෙ දේශපාලන ලොක්කෙක් තමන්ගෙ අපේක්ෂකයන්ට ආධාර එපා මම එයාලව බලාගන්නම් කියලා කීවලු. ඒ වගේම ආණ්ඩුවට සම්බන්ධ එක්තරා පක්ෂයක ලොක්කෙක් තමන්ගෙ අපේක්ෂකයන්ට ලක්ෂ හත අට දෙන්න පටන් අරන්ලු. හැබැයි උන්නැහේට ඉන්නෙ අපේක්ෂකයො ටිකයි කියලා ආරංචියි.
මිණිපුරේ පැත්තෙ මැණික් ව්‍යාපාරික භවතුන්ගෙන් බහුතරේ එක්තරා ප්‍රබල දේශපාලන ලොක්කෙකුගෙ අපේක්ෂකයන්ට ලොකුවටම ආධාර කරන්න ලෑස්තිලු. මේ හැර ව්‍යාපාර කරන යමක් කමක් ඇති හුඟක් මැති ඇමැතිලා තමතමන්ගෙ ගෝල අපේක්ෂකයන්ට බොහෝ තැන්වල රුපියල් ලක්ෂය බැගින් දෙනවලු.
මේ පාර මනාප යුද්දෙ නැති නිසා වියදම නම් අඩුයි. ඒත් අපේක්ෂකයො ඩබල් වෙච්ච නිසා ආධාර බෙදිල්ලත් ලේසි නැහැ කියලයි කියන්නෙ. ඒත් එහෙම ආධාර නොදෙන්නෙ රත්තො විතරලු.