මෑතක ඉඳන් දකුණු පළාතෙ තදින් මත්ද්‍රව්‍ය ජාවාරම කෙරෙන නිසා ආරක්ෂක අංශවලින් ඉතාම සියුම් රහසිගත පරීක්ෂණයක් කළා... ඒ සඳහා නියෝග ලැබුණෙ ආණ්ඩුවෙ ඉහළම කන්තෝරුවකින්...
ඉතින් මේ නියෝගය අනුව හෙරොයින් කේජී (කේරළ ගංජා) වගේ දේවල් රහසිගතව දකුණට ලැබෙන ආකාරය ගැන විමර්ශනය කළ ආරක්ෂක අංශයට දික්-වැල්ලක් තිබෙන පැත්තකට මුහුදෙන් මේ බඩු ලැබෙන බව සොයාගෙන...
මීගමු පැත්තෙන් මුහුදු යන මාළු බෝට්ටු පතුලෙ සඟවගෙන මේවා ගේන වගත් දැන කියාගෙන...
අන්තිමේදි මේ නිලධාරීන් සොයලා බැලුවා කවුද මේ ජාවාරමේ සැබෑ හිමිකරැවන් කියලා...
එතකොට දැනගන්න ලැබුණෙ ලංකාවෙ කවුරුවත් නොසිතන ප්‍රබල දේශපාලන භවතුන් තුන්දෙනෙක් මේ කතාව පිටිපස්සෙ ඉන්නවා කියලලු. මේ දවස්වල රට පුරා නම කියැවෙන අයත් කිසිම තැනක නම නොකියවෙන අයත් මේ නම් අතරෙ ඉන්නවලු. හැබැයි මේ අය සුපිරිම සුපිරි කස්ටිය කියලත් ආරංචියි...
කොහොම හරි කාරණා කාරණා සොයාගන්න ආරක්ෂක අංශ රටේ ලොකුම කන්තෝරුවෙ ලොකු මහත්තයට මේ පුදුම දේශපාලු තුන්දෙනාගෙ නම් ගම් කියන්නලු යන්නෙ. හැබැයි දැනට අපට නම් ඒ ගැන ඊට වඩා හෙළිදරව්වක් කරන්න බැහැ.