දේශපාලන කොන්ත්රාත්වලට ප්රසිද්ධ ආණ්ඩුවෙ ලොකුම මණ්ඩලෙත් ඉන්න මහත්තයෙක් තමන්ට සම්බන්ධ කොම්පැණියකට ආණ්ඩුවෙම ලොකු කොන්තරාත්තුවක් අරගෙන කියලා විපක්ෂයට ඔත්තුවක් ලැබිලා...
ආණ්ඩුවෙ දේශපාලන ලොක්කට සබඳතා තිබෙන මේ සමාගමට දීලා තියෙන්නෙ කෝටි සිය ගණනක් වටින ඉදිකිරීමක් බවත් විපක්ෂ කස්ටිය සොයාගෙන. ඒ ගැන ලිපි ලේඛනත් එයාලට ලැබෙමින් පවතිනවලු.
බොහොම කාරුණික දයාබර මේ දේශපාලන ලොක්ක ඔය කොන්තරාත් වැඩේ ගැන තවම මොකුත් කියලා නැතත් ළඟදිම ඔය ප්රශ්නය දියවන්නාවෙදි මතුකරන්න දැන් ඒකාබද්දෙ කස්ටිය පිටපොට ගහමින් ඉන්න බවයි ආරංචි.