දේශපාලනේට සම්බන්ධ ප්රකට හිමිනමක් මේ දිනවල බරපතළ දේශපාලන ගනුදෙනුවකට සූදානමින් සාකච්ඡා පවත්වන බව ආරංචියි.
මේ හිමිනම සාකච්ඡා කරන්නෙ අලුත් මුහුණක් සොයාගන්නලු. ඒ අලුත් මුහුණ ගේන්න යන්නෙ මොන විදියෙ පට්ටමකටද කියලත් උන්වහන්සේ තමන්ගෙ සමීපතම සගයන්ට කියලය කියලයි ආරංචි...
මේ කාරණයට අදාළව උන්වහන්සේ පසුගිය දවස් ටිකේම සාකච්ඡා ගණනාවකට දේශපාලන නායකයො මුණගැහුණ බවත් කියැවෙනවා. ඒ මුණගැසීම සිදුවුණේ තවත් බලවත් පාර්ශවයක අනුදැනුම මත කියලත් ඉතා රහසිගත ආරංචි මාර්ග කියනවා...
මේ දක්වා කරපු සාකච්ඡාවලින් ඒ තරම් සතුටුදායක ප්රතිඵල ලැබිලා නැතිලු. නමුත් අද හෙටම තමන්ගෙ අරමුණ ඉටුකරගන්න කෙරෙන සාකච්ඡාවෙන් සාර්ථක ප්රතිඵල ලැබෙන බවට උන්වහන්සෙ විශ්වාස කරනවා.
වත්මන් යහපාලන ආණ්ඩුව ගේන්නත් ලොකු වැඩ කොටසක් සිද්ධ කළ මේ හිමිනම කරන්න යන කාර්යය ගැන ඉව වැටුණු ආණ්ඩුවෙ සමහර බලවත්තු සතුටින් ඉන්නවලු... තවත් අය අසතුටින් ඉන්නවලු.