2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ඇඟ රත්වෙන අවවාදයක්!

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 567

උතුරෙ ඉන්න ප්‍රකට මන්තිරිතුමෙක් රටේ ලොකු මහත්තය ඇමතුව. මේ කෝල් එක ගත්ත මන්තිරිතුමා උතුරෙ මාධ්‍යයට එහෙමත් තදින්ම සම්බන්ධ උන්නැහේ කෙනෙක් කිව්වොත් වරදක් නැහැ.

එයා ලොකු මහත්තය ඇමතුවෙ ලොකු පැමිණිල්ලක් කරන්නලු.... ඒ පැමිණිල්ලෙන් කියැවුණේ අත පාටියෙන් උතුරට පත්වෙලා ඉන්න අංගෙ මන්තිරිතුමා උතුරු සන්ධාන පක්ෂයෙ මන්තිරිල අයවැයට ඡන්දය දෙන්න ආණ්ඩුවෙන් සන්තෝසම් ගත්තය කියන චෝදනාව ගැන පැමිණිලි කරන්නයි. ආණ්ඩුව ඕනම වෙච්ච අවස්ථාවක උදව්වක් කළාම ඒකට සන්තෝසම් ලේබල් ගැහුවම අපි ආයෙත් සහය දෙන්නෙ නැතිවෙයි කියල මේ මන්තිරි තැන මතක් කළා.

ඒ කතාව අහපු රටේ ලොකු මහත්තයට තදින්ම කේන්ති ගිහිල්ලා පැමිණිල්ල කරපු භවන් තුමාට කනගාටුවක් පළකළා කියලා ආරංචියි...

ඊට පස්සෙ මේ කතාව පතුරවපු උතුරෙ අංගෙ මන්තිරිතැනට කතාකරල හොඳවයින් දෙකතුනක් කිව්වලු. අන්තිමේදී තවත් මේ වගේ දේවල් කළොත් වෙනදේත් මතක් කරල කතාව හමාර කළා කියනවා.