ඒකාබද්දෙන් ගේන්න ගිය විශ්වාසභංගය ගැන බොහොම රහසිගත සාකච්ඡාවක් තිබුණ. හිටපු ලොකුතැන වගේම පොහොට්ටු පක්ෂයෙ මන්තිරිවරැ ගණනාවක්ම ඒකට ඇවිල්ලත් හිටියලු.
මෙතැනදි විශ්වාසභංගෙ අත්සන් ගැන කතා වුණා. ඒ කතාවෙදි හිටපු ලොකු තැනගෙ මතය වුණේ තමන්ගේ ළඟඉන්න අයට අමතරව අතපාටියෙ කස්ටියක් අලිපාටියෙ ඉඳන් ඔය ගැන කතාකරන කිහිපදෙනාගෙන් අත්සන් ගත්තොත් යෝජනාව බරසාර වෙයි කියලයි.
ඔන්න එතෙන්දි අතපාටියෙන් නම් මේකට අත්සන් කිහිපයක් සොයාගන්න පුළුවන් කියල පොහොට්ටුවෙ ලොක්කෙක් කිව්වා... එතකොට ඔය කෑ ගහන අලි පාටියෙ කවුරුවත් ඒකට නැත්ද? කියලා හිටපු ලොකු තැන ප්රශ්න කළා.
ඔය ගැන කතා කරන අයනම් ඉන්නවා... ඒත් අත්සන් කරන්න නම් කවුරැත් නැහැ වගේ කියලා එතන හිටපු මන්ත්රී භවතෙක් උත්තර දුන්නා.
“නෑ... නෑ... ඉන්නවා ඉන්නවා කවුරු නැතත් එක්කෙනෙක් ඉන්නවා...” හිටපු ලොකු තැන අවධාරණය කළා...ඊළඟට කවුරැත් ඇහුවේ කව්ද ඒ කියලයි...
ඊට පස්සෙ එතන හිටපු කෙනෙක් අලිපාටියෙ තරුණ මන්තිරිතුමෙක්ගෙ නමක් කිව්වා...
ඒ නමට අකුරු තුනයි... වතුර ගලනවගේ කතා කරන උන්නැහේ දේශපාලන පවුලක පොරක්ලු... එයා පසුගියදාක යහපාලනයේ ඡන්දෙන් පැරදීම ගැන සතුට පළකරලා ප්රකාශයකුත් කළාලු...