රටේ ලොකු මහත්තයගෙ පදවිප්රාප්තයයි බණ්ඩාරනායක ඡන්ම දිනෙයි නිමිත්තෙන් රජගෙදර මහා දානයක් තිබුණා. දෙදහස් නමක් විතර හාමුදුරුවරු ඊට සහභාගි වුණා කියලයි ආරංචි...
මේ සංඝ සභාවෙ හිටපු නායකහිමිවරුන් එන්න කතා කරමින් ලොකු මහත්තයා දානෙ පිළිගන්වන්න පටන් ගත්තා. උන්නැහේ දන් පිළිගන්වන කොට මාධ්‍යයෙ පෙනී හිටින්නයි... දේසපාලන ලකුණු දාගන්නයි දඟලන දේසපාලන මහත්තුරැ කස්ටියක් එතුමා පිටිපස්සෙන් ඇවිදිමින් රඟපෑමක් කරන්න පටන් ගත්තෙ ප්රචාරක වාසියක් ගන්නලු...
ටික වෙලාවක් මේක ඉවසගෙන හිටපු ලොකු මහත්තයා පිටිපස්ස හැරිලා බලකොට තමන් පසුපස එන මැති ඇමැති පෝලිම දික්වෙනවා දැක්කා... එයාලා පෝලිමේ එනකොට දන් පිළිගන්වන්න කස්ටිය මදිවෙලා... මේක දැකපු ලොකු මහත්තයට හොඳටම කේන්ති ගියා කියනවා.. ඊට පස්සෙ පෝලිම් ගැහිල හිටපු මැති ඇමැති ගොල්ලන්ට හොඳවයින් දෙකක් තුනක් කිව්වලු... කතාව සැරට වැදුණු සමහරු උන්නැහේගෙ පිටිපස්සෙන් වාෂ්ප වෙලා ගියාලු... මාධ්‍ය සංදර්ශන කරන්න ගිය අය මඟ තිබුණ ලකුණු ටිකත් කැපුණ කියලයි ආරංචි...