ආණ්ඩුවෙ ලොකු මහත්තය තමන්ගෙ පක්ෂයෙ ඒ කියන්නෙ පුටු පාටියෙ ඉහළ පෙළේ කස්ටිය තමන්ගෙ නිල නිවසට කැෙඳව්වලු...
එහෙම කැඳෙව්වේ ආණ්ඩුවෙ ඉදිරි ගමනට බලපාන ප්රශ්න දෙක තුනක් ගැන කතාකරන්න කියලයි ආරංචි...
උන්නැහේ තමන්ගේ මතය කියන්න කලින් පුටු පාටියෙ කතාකාරයෝ දෙතුන් දෙනකුට කතා කරන්න ඕනය කියල ඉල්ලීමක් කළා.
ඒකට අවස්ථාව දුන්නට පස්සෙ වයඹින් ආපු තරුණ කටකාර ඇමැති සයිස් මහත්තයකුයි ඌවෙ කටකාර ප්රකාශකතුමයි කතාකළා...
ඒ දෙන්න කතා කළේ සම්මුති ආණ්ඩුවෙ ඉඳන් ආණ්ඩුව කන දෙන්නෙක් ගැනලු... දේශපාලන බලවතුන් වන මේ දෙන්න කරනවය කියන නීලකාස වැඩ නිසා ආණ්ඩුව සුං වෙනව කියල ප්රබල විදියට චෝදනාවකුත් කළා. ඊළඟට රටේ ලොකු මහත්තය හිනාවෙවි ඇහුවලු කවුරු ගැනද ඔය කියන්නෙ කියලා...
ඊළඟට තමන් කියන්නෙ මෙන්න මේ දෙන්න ගැන කියල චෝදනා කැගු ඇමැතිවරු නම්ගම් සහිතව තොරතුරු කිව්වලු... ආණ්ඩුව කන දෙන්නගෙන් එක්කෙනෙක් උඩරට. අනිත් එක්කෙනා කොළඹ. ඇමැතිවරු මේගොල්ලො කරන වැඩ කිහිපයක් එකින් එක කියන්න පටන් ගත්තලු...
රටේ ලොකු මහත්තය තමන්ගෙ අත කම්මුලේ තියාගෙන කියවපු චෝදනා පත්තරේට සවන්දීලා තමන්ගෙ තීන්දුව පුටු පාටියේ ලොක්කන්ට කිව්වලු... හැබැයි මේ රැස්වීමේ හිටපු ලොකු ලොක්කො ඒක දැඩි රහසක් හැටියට තියාගන්න පොරොන්දු වුණ නිසා අපට ලැබුණෙත් නැහැ.