රටේ ලොකු මහත්තයා කාලෙකට පස්සෙ “නිපෝන්” රටට නිල චාරිකාවකට ගියා. උන්නැහෙත් උන්නැහේ එක්ක ගිය රාජ්‍ය දූත පිරිසක් නැවතිලා හිටපු හෝටලේ ඉස්සරහ ජපානයෙ ඉන්න ශ්‍රී ලාංකික මුස්ලිම්වරු උද්ඝෝෂණේකට ලෑස්ති වුණා... ඒකට හේතුව හැටියට කියැවුණේ නුවර පැත්තෙ පසුගියදාක ඇතිවුණ ආරවුල...
ඉතින් ලොකු මහත්තයා ඉතා සුහදව මේ උද්ඝෝෂකයන්ගෙ නියෝජිතයන්ට හෝටලේට එන්න කියලා කතා කළා... ඊටපස්සෙ එහේ ඉන්න අපේ හාමුදුරුවරුත් සිංහල ජනතාවත් හමුවුණා. එයාල එහේ සමගියෙන් ඉන්නවා. ඒත් එකපාරටම මේ උද්ඝෝෂණේට එරට මුස්ලිම්වරු ලෑස්තිවුණේ ඇයි කියන කාරණාව ආණ්ඩුවෙන් ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරි කස්ටියෙ හිටපු කෙනෙක් එරට මුස්ලිම් ප්‍රධානියකුගෙන් ඇහුවා...
එතකොට එයාලා කිව්වෙ නුවර සිද්ධියට අමතරව අපේ උද්ඝෝෂණේට හේතු වුණේ අහවල් සංවිධානෙ අහවල් හාමුදුරුවො හදිසියෙ මේ රටට ආපු එකයි කියලයි. උන්වහන්සෙගෙ වැඩ ගැන අපි දන්න නිසයි මේ වගේ දේකට අපේ කස්ටිය වැඩියෙන්ම උනන්දු වුණේ කියලත් එයා කිව්වලු.
අන්තිමේදි එක්තරා සේනාවක් මෙහෙයවන නායක හිමි නමක් එරටට වැඩම කිරීම මේ විරෝධයට හේතුව බව කෙළින්ම කිව්වා කියලත් ආරංචියි...