2018 මැයි 05 වන සෙනසුරාදා

පට්ටම ගන්න අමතක වෙලා

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 576

අලි පාටියේ දයාවට බර ඇමැතිතුමාටත් පහුගිය සතියේ අලුත් ඇමති පට්ටමක් ලැබුණා. මෙයා බලාපොරොත්තු තියන් හිටියේ ලොකු ඇමැතිකමක්. ඒත් ලොක්කා එන්න කියලා දුන්නේ එයා බලාපොරොත්තු වෙච්ච එක නෙමෙයි.

රටේ මහ තැන ඇමැතිකම් දෙන වෙලාවේ මෙයාගේ නමත් කිව්වලු. මෙයා ඇවිත් අත්සන් කරලා ලොකු තැනගේ අතින් ඇමැති පට්ටමේ ලියැවිල්ල ගන්නේ නැතුව බැහැලා ගියාලු. ලොකු තැනත් අන්ද මන්ද වුණාලු මේ මොකද කියලා. ඊට පස්සේ ලොකු තැන දයා... දයා... කියලා දයාවෙන් කතා කරලා ඇමැති පට්ටම තියෙන කොළේ දුන්නලු. කොහොම වුණත් එතැන කට්ටිය කතා වුණේ එයාට ඉල්ලපු එක දුන්නේ නැති නිසා මානසිකව කොමා වැටිලා වෙන්න ඇති කියලලු.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00