2017 ජනවාරි 21 වන සෙනසුරාදා

මහ ලේකම්තුමාගෙන් පැමිණිල්ලක්

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 252

සන්ධානෙ ලොකු ලේකම්තුමා මේ දවස්වල ඉන්නෙ තරමක කනස්සල්ලෙන්ලු. ඒකට හේතුව සමගි ආණ්ඩුව ආවට පස්සෙ පිහිටවපු එක්තරා පොලිස් ඒකකයකින් ශ්‍රී ලංකා පක්ෂයෙ මැති ඇමැතිලාට වෙන හිරිහැර කියලයි ආරංචි...

පසුගිය දවස්වල පවුසිතුමා මේ පොලිස් ඒකකයට කැඳවල තිබුණ වාහන අවභාවිතයක් ගැන අහන්නලු. ඒත් ප්‍රශ්න කරපු අය විමසුවෙ වෙනත් කාන්තා ප්‍රශ්නයක් ගැනලු. මේ ගැන ඇමැති පවුසිතුමා රජයට ලොකු දෝස්මුරයක් දැම්මා කියනවා.

ඊළඟට පියංකර උන්නැහේ ආණ්ඩුවෙන් යන්න හේතුවත් මුල්ගිරිගල නිරූපමා නෝන සංවිධායක කමෙන් යන්න ගත්තු තීන්දුවටත් හේතුව තමන්ට සිදුවුණ අනපේක්ෂිත හිරිහැර කියලයි ආරංචි.

ඉතින් මේ ගැන සන්ධාන මහ ලේකම් තැනට පැමිණිලි හැට හුට හමාරක් ලැබිලලු. එයා ඒ ටික රටේ වගේම පක්ෂයෙත් ලොකු මහත්තයට දීල මේක දෙකෙන් එකක් කරගන්න දැඩි තීන්දුවක් අරන්ලු. වැරදි කළා යැයි එක පක්ෂයක අයට එරෙහිව විතරක් ක්‍රියාකිරීම ගැනලු ආරවුලක් තියෙන්නෙ.