2017 ජනවාරි 21 වන සෙනසුරාදා

කැපිල්ලක්ද?

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 258

ආණ්ඩුවෙ ඉඳගෙන ආණ්ඩුවෙ වැරදි වැඩ විවේචනය කරන ඇමැති සයිස් මහත්තුරු තුන්දෙනකුගෙ අමාත්‍යංශවලට ලැබෙන්න තියන සල්ලිවලට පොලු දාන බලවත් ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව කියල මුදල් හිඟයට මුහුණ පාපු ඇමැති තුන් දෙනා කතා වුණාලු. 

ඒත් විකල්ප ක්‍රම වලින් සල්ලි සොයාගෙන තම තමන්ගෙ අමාත්‍යංශ වැඩ කරගන්න උන්නැහේල ප්ලෑනක් ගහලා කියලා කියැවෙනව...

මේ විදියට මුදල් අර්බුදේට මුහුණපාල ඉන්න ඇමැති තුන්දෙනාම ඉහළම පෙළේ වෘත්තිකයො. එක්කෙනෙක් දොස්තර කෙනෙක් කියමු... අනිත් කෙනා ඉන්ජිනේරු කෙනෙක්. අනෙකා ඉහළම මට්ටමේ නීතිඥවරයෙක්ලු...

ඉතින් මේ කැපිල්ල ගැන තරමක් ඔරොප්පු මූඩ් එකෙන් ඉන්න ඇමැති කස්ටිය ළඟදිම පොඩි වලියකට ලෑස්තිවෙනවා කියලා අපට ආරංචියි.