මෙච්චර කාලයක් පොහොට්ටුවට සම්බන්ධ වෙලා හිටපු සමෘද්ධියට කාරිය සම්බන්ධ ලොකු කතාකාරයෙක් ඉන්නවා. උන්නැහේ පළාත් සභාවෙත් ඉන්න කුමාරයෙක් කිව්වොත් නිවැරදියි.
උන්නැහේ පොහොට්ටුවේ මහ රැස්වීම්වලත් ලොකුම ලොකු කථිකයෙක්. නියෝජනේ කරන්නේ කඩුවලට සම්බන්ධ වෙලක් පැත්තේ කොට්ඨාසයක්. පොහොට්ටු ලොක්කන්ට පසුගිය දාක උන්නැහේ ගැන මාර ආරංචියක් ලැබුණා.
ඒ කතාවෙන් තියැවුණේ උන්නැහේ කාටත් හොරෙන් මෛත්රී සරණ ගන්න හදනවය කියන තොරතුරයි.
එයා හොර රහසේම ගිහිල්ලා මෛත්රීතුමා මුණගැසුණ බවටත් ආරංචියක් ලැබුණා..
මේ සමෘද්ධි කුමාරයා හිටපුගමන් ආණ්ඩුවට සැට් වෙන්න ගියේ දැන් ආණ්ඩුවේ ඉන්න එයත් එක්ක අමනාප වෙලා ලොකු මහත්තයා ළඟට ගිය සමෘද්ධි කස්ටියකටත් පාඩමක් උගන්නන්නලු.
ඒත් කොහොමහරි මෙයා ලොකු මහත්තයා මුණගැසුණු බව ආරංචි වුණා. එතන හිටපු සමෘද්ධි සගයෝ ඒ තොරතුර පොහොට්ටුවට පාස් කරලා. ඒ සමඟ මෙයා සම්බන්ධ කර ගැනීමට විරැද්ධව ලොකු මහත්තයාට බරපතළ ආයාචනයකුත් කරලා.... කඩුවෙල පැත්තේ හිටපු ඇමැති සයිස් ප්රබලයකුගේ නමත් මේකට ඇදිලා..
කොහොමහරි අන්තිම මොහොතේ එල්ල වූ බලපෑම් නිසා රටේ ලොකු මහත්තයා මේ සමෘද්ධි කුමාරයාට තමන්ගේ කන්තෝරුවේ දොර වැහුවලු....
ඒ නිසා තමන් පනින්න ගිය දේශපාලන පිම්ම අප්සෙට් කරගන්ත සමෘද්ධි කුමාරයා දැන් පොහොට්ටුව සුවඳවත් කරන්න හයියෙන්ම වැඩ කරන බවයි ආරංචි.